ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් වංචා කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් චෝදනා කර තිබෙනවා.
ඊයේ (07) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් අදාළ මන්ත්‍රීවරුන් චෝදනා කරනුයේ පළාත් පාලන ආඥා පනත අනුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොන්ත්‍රාත් කිරීම තහනම් බවයි.
එමෙන්ම එලෙස කොන්ත්‍රාත් සිදුකර මුදල් ලබා ගැනීම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමට බලපාන හේතුවක් බවත් පෙන්වා දුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙම ක්‍රියාව සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාටද පැමිණිලි කළ බවයි.
එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ මන්ත්‍රීවරුන් එහිදී සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“ගිය දෙසැම්බර් මාසේ සභා වාර්තාවේ සඳහන් වෙනවා අශෝක කුමාර මන්ත්‍රීවරයාත්, ධර්මවංශ මන්ත්‍රීවරයාත් ලබා ගත්ත මුදල්. ඒ වගේම බැකෝ යන්ත්‍ර යොදාගෙන සහන් ප්‍රසාද් මන්ත්‍රීවරයා මුදල් ලබා ගත් හැටිත් සඳහන් වෙනවා. පනතේ සඳහන් වෙනවා මූල්‍ය ගනුදෙණු කරන්න බැහැ කියලා. මේ මූල්‍ය ගනුදෙනු කළාම සභික ධුරය අහෝසි වෙනවා. ලබන සභාවාරය 10 වැනිදා තියෙනවා කියවීමේ හැකියාවක් තියෙන අයනේ ඉන්නේ. ලැජ්ජාවක් තියෙනවානම් පනත කියවලා සභාවට නම් එන්න එපා. “
මේ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබා ගනිමින් මුදල් නාස්ති කරන බවටද එම මන්ත්‍රීවරු පිරිස චෝදනා කළා.
ඔවුන් පැවසුවේ සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික කුලී පදනම මත මෝටර් රථයක්ද ලබා ගනිමින් සභාවේ මුදල් නාස්ති කරන බවට ඔවුන් චෝදනා කළා.
“මේ ගොල්ලෝ සභාවේ මුදල් ඉතුරු කරනවා කියලා ජනතාවට පොරොන්දු දීලා රොතු ගණන් ජනතාවගේ ඡන්ද ලබා ගත්තා නමුත් අද වෙනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසෙකට ලක්ෂ 5කට අධික මුදලක් ලබාගෙන තිබෙනවා. එතුමා පාවිච්චි කරන වාහනය කුලී පදනම මත මාසිකව දෙලක්ෂ හැටදහසකට ලබාගෙන තිබෙනවා. එතුමා ඩීසල් ලීටර් 500ක් සභාවේ අරමුදලින් ලබාගෙන තිබෙනවා. සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙහෙම ගන්න එතුමා ලංකාවේ ජනාධිපතිද ? මොවුන් ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් විශේෂ වරප්‍රසාදයක් ලබනවා. මේ ගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවනවා කියලා තමයි සභාවේ බලය ගත්තේ. දැන් ඒ මල්පැල නිකන්ම වල්පැල බවට පත්වෙලා”

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!