හිඟුරක්ගොඩ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතමුණ ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුකළ මෝටර් රථය එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි
මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 45 සහ 50 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පොළොන්නරුව මහ රෝහලේ සිටි රෝගියෙකු බැලීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. පොළොන්නරුව දෙස සිට හිඟුරක්ගොඩ දෙසට වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මොවුන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් වහාම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
අනතුර සිදුකර පලාගිය මෝටර් රථය හඳුනා ගැනීම සඳහා හිඟුරක්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මාර්ගයේ සවිකර ඇති සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් සැකකාර රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
අසාධාරණය ගැන කියන්න ජාත්‍යන්තරයට යෑමට හිටපු ජනපති රනිල් සැරසෙයි
අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක්
විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි