ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 වටයේ අද (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 51කින් ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බව ඔහු එම සටහනෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත.
ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.


විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ කල්ලිය හොරණදී කොටුවෙයි
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්