Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කල්යයි

1 day ago

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2026 මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබේ.

මැදපෙරදිග කලාපයේ මේ වන විට වර්ධනය වී ඇති යුදමය තත්ත්වය සහ පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැලසුම් කර තිබූ පරිදි මෙම මහා සභා රැස්වීම එළඹෙන මාර්තු 25 වනදා සිට 27 වනදා දක්වා දෝහා නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, වර්තමාන ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් එය එම ස්ථානයේ පැවැත්වීම අවදානම් සහගත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට යොමු වී ඇත.

ඒ අනුව, අදාළ රැස්වීම අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇති අතර, එය වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට පරීක්ෂා කරමින් සිටී.

ඉදිරි සති කිහිපය තුළ මහා සභා රැස්වීම පවත්වන නව ස්ථානය සහ දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *