Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!

5 hours ago

ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා දේශපාලන රැකවරණය ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕස්ට්‍රේලියානු රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

යම් හෙයකින් ඕස්ට්‍රේලියානු රජය ඔවුන්ට නිසි රැකවරණයක් ලබාදීමට අපොහොසත් වන්නේ නම්, එම ක්‍රීඩිකාවන් පිරිස භාරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියාව සිදුකරන බරපතල මානුෂීය වරදක් වනු ඇති බවයි.

ඉරානයේ පවතින දේශපාලන ක්‍රමවේදයට එරෙහිව සිය විරෝධය පළකිරීම හේතුවෙන් මෙලෙස රැකවරණය පතා ඇති මෙම ක්‍රීඩිකාවන්, නැවත මව් රටට ගියහොත් ඔවුන්ට දැඩි දඬුවම් හෝ මරණීය දණ්ඩනය පවා හිමිවීමේ දැඩි අවදානමක් පවතින බවද ඔහු එහිදී අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *