මෙරට ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීමට බලපෑ හේතු පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කළේය. රජය සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව මීට පෙර ප්‍රකාශ කළ ද, මිල සංශෝධනයක් අත්‍යවශ්‍ය වූ කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
පසුගිය දින කිහිපය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ අගයක පැවැති බවත්, ඒ හේතුවෙන් පවතින සංචිත යම් ප්‍රමාණයකින් අඩු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා නව ඇනවුම් ලබා දීමට රජයට සිදු වී තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අලුතින් ඇණවුම් කරන ලද ඉන්ධන නෞකා දිවයිනට පැමිණෙන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින නව මිල ගණන් යටතේ බවයි. ඒ අනුව, එම නව මිලට සාපේක්ෂව මෙරට පාරිභෝගික මිල සංශෝධනය කිරීමට රජයට සිදුවූ බව හෙතෙම අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.
මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත.
මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා.”

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
මැද පෙරදිග ගැටුම් මැද බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න තායිලන්තය තීරණ රැසක් ගනී
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ! ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය
IOC ඉන්ධන මිලත් සංශෝධනය කරයි