Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න

3 hours ago

රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ ඒල් 1213 (UL 1213) ගුවන් යානය රෝමය බලා පිටත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මගින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ,  සමාජ මාධ්‍යවල සඳහන් වන අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙරම දිවයිනට පැමිණ ඇති බවත්, මෙම ගුවන් ගමන අමාත්‍යවරයෙකු ගෙන්වා ගැනීමේ සැලසුමක් නොවන බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් යුරෝපය සහ ඉන් ඔබ්බට ගමන් කිරීමට සැලසුම් කර සිටි මගීන් මුහුණ දුන් දුෂ්කරතා සැලකිල්ලට ගෙන, රජයේ පූර්ණ මැදිහත්වීම මත මෙම ගුවන් ගමන සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව, රෝමය බලා සෘජුව ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් වෙනුවෙන් මෙම යානය මාර්තු 09 වන දින පිටත් කර යවා තිබෙන බව එම අධිකාරිය පවසනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉලක්ක කරගනිමින් පදනම් විරහිත සහ ද්වේෂසහගත තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය නිවේදනය මගින් සඳහන් කළා.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් ජාතික ආර්ථිකයට සහ සංචාරක ව්‍යාපාරයට සවියක් වන මෙරට ගුවන් කර්මාන්තයට දැඩි අපකීර්තියක් සහ බාධාවක් සිදුවන බව ද එහි සඳහන්.

ජාත්‍යන්තර ප්‍රමීතීන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය දියුණු කිරීමට රජය කැපවී සිටින මොහොතක, මහජනතාව තුළ වැරදි ආකල්ප ඇති කිරීමට දරන මෙවැනි උත්සාහයන් අධිකාරිය තරයේ හෙළා දකින බව ද ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *