Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ කොටස් වෙළෙඳපොළ දැනෙන්න කඩා වැටෙයි

20 hours ago

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (09) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 797.77ක් හෙවත් 3.51%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 231.89ක් හෙවත් 3.65%කින් පහළ ගියේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්හක අගය ඒකක 21,904.14ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,128.86ක් ලෙසත් සටහන් විය.

2025 දෙසැම්බර් 26 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

විශ්ලේෂකයින් පවසන්නේ මැදපෙරදිග යුධ අර්බුද හමුවේ අද (09) දිනයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යාමත් සමඟම ගෝලීය වශයෙන් ඇති වී ඇති අවිනිශ්චිතතාවන් මග ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් කඩාවැටීමට ලක්ව ඇති බවයි.

රු. බිලියන 5.81ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

දිනය පුරාවටම දේශීය ආයෝජකයින්ගේ ආධිපත්‍ය කොටස් වෙළෙඳපොළ පුරාවට පැතිර තිබුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.71 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.70ක් ලෙසින් වාර්තා වුණි. අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 97ක් ලෙසින් වාර්තා වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *