Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

4 hours ago

ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය ජනවාරි 16 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ තවත් වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

මෙම අපරාධයට සම්බන්ධ අනෙක් වෙඩික්කරුවා පසුගිය මාර්තු 03 වනදා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, අද දින අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *