මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති හිඟයට පිළියමක් ලෙස තායිලන්ත රජය එරට රාජ්‍ය නිලධාරීන්ට දැඩි සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් (Anutin Charnvirakul) විසින් හඳුන්වා දී ඇති මෙම ක්‍රියාමාර්ග යටතේ විදේශ සංචාර අත්හිටුවීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම සහ නිවසේ සිට රාජකාරි කිරීම (Work from Home) වැනි පියවර ඇතුළත් වේ.
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිලන්ත බලශක්ති අමාත්‍යවරයාට අනුව එරට සතුව මේ වන විට පවතින්නේ දින 95කට පමණක් සෑහෙන බලශක්ති සංචිතයකි.
තායිලන්තයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 68%ක්ම ස්වභාවික වායුවලින් සපුරා ගන්නා අතර, මියන්මාරයෙන් ලැබෙන සැපයුම්වලට පවතින බාධා හේතුවෙන් අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් LNG වායුව ලබා ගැනීමට රජය උත්සාහ කරමින් සිටී.
තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, රාත්‍රී 10 වන විට පිරවුම්හල් වසා දැමීම සහ වෙළෙඳසැල්වල ආලෝක පුවරු සීමා කිරීම වැනි අනිවාර්ය නීති පැනවීමට ද රජය සලකා බලමින් සිටී. මේ අතර, ඉන්ධන පිරිමසා ගැනීම සඳහා පොදු ප්‍රවාහනය සහ රථවාහන හවුලේ භාවිත කරන ලෙස (Carpooling) රජය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කර තිබේ.

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
ඉන්ධන මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද හෙළි කරයි
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ! ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය
IOC ඉන්ධන මිලත් සංශෝධනය කරයි