2016 වසරෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සියලුම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රාජ්‍ය සේවකයින්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව අමාත්‍යවරයා අනාවරණය කළේ නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම උත්සවයේදී නව දන්ත කාර්මික ශිල්පීන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි. දන්ත කාර්මික ශිල්පී පුහුණුව සාර්ථකව නිම කළ 13 දෙනෙකු ඇතුළු පිරිසක් මෙහිදී නව පත්වීම් ලබාගත් අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමේදී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් නිසි නිර්ණායකයන්ට යටත්ව සිදු කිරීමට රජය කැපවී සිටින බවයි. විශ්‍රාම වැටුප් හිමිකම පිළිබඳ ගත් නව තීරණය රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය අභිමානය ඉහළ නැංවීමට හේතුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
මැද පෙරදිග ගැටුම් මැද බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න තායිලන්තය තීරණ රැසක් ගනී
ඉන්ධන මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද හෙළි කරයි
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
තෙල් ලීටරයක්වත් නැව්ගත කිරීමට ඉඩ දෙන් නෑ! ඉරානයෙන් අනතුරු ඇඟවීමක්!
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය