Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

3 hours ago

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකිරීමට නියමිත අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (12) දින මීගමුව සහ කටාන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එදින පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසමට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටින අතර, පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ කල්තියා ජලය රැස් කර තබාගනිමින් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *