පසුගිය දින කිහිපය පුරා ලෝක වෙළඳපොළේ සීඝ්රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුද උණුසුම හමුවේ 2022 වසරේ ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය. එහිදී බොරතෙල් බැරලයක් ඩොලර් 119ක් වැනි උපරිම මිලක් සටහන් විය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ මැදපෙරදිග “යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති” බවයි. එම ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ පැවති නොසන්සුන්කාරී බව පහව ගිය අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8% කින් එනම් ඩොලර් 90 දක්වා පහළ ගොස් තිබේ.
ආසියානු වෙළඳපොළේ අද උදෑසන ගනුදෙනු ආරම්භ වන විට මිල ගණන් ස්ථාවර මට්ටමක පවතින අතර නවතම මිල වාර්තා මෙසේය:
- ඇමෙරිකානු බොරතෙල් (WTI): බැරලයක් ඩොලර් 83.35
- බ්‍රෙන්ට් බොරතෙල් (Brent): බැරලයක් ඩොලර් 87.88
ඉරාන යුද්ධයේ වර්ධනයන් හමුවේ පසුගිය දින කිහිපය පුරා පැවති දැඩි අස්ථාවරත්වය මෙලෙස පහව යමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු