මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ පුණ්‍යස්ථානගත වීම ශුභයි. සසර පින්මත වසර ගත කිරීමේ ශක්තිය මතු කරයි.
රැකියා ස්ථානවල නිලතල උසස්වීම් ආදිය ලබයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජය ගෙන දෙයි. සමහරවිට ස්ථාන මාරුවීම් යෙදේ
ගෘහ ජීවිතය ශුභයි. අඹු දරුවන් අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඇසුරින් දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සුහදතාව වර්ධන කටයුතු යෙදේ. අවිවාහකයින්ට ශුභයි. මංගල සීනු නාද වන වසරකි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. නව නිර්මාණ ඉදිරිපත් කරයි. විදෙස්ගත වීම් සඳහා ශුභයි. විදෙස් ගමන් විදෙස් රැකියා ලාභ ලබයි. භූමිය පිළිබඳ ක්‍රියා කරන්නන්ට භුමි ලාභ සම්පත් ගෙන දෙයි.
ආගමික වතාවත්වල නියැළේ නම ඥානි මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාද යෙදේ. පදිංචියේ වෙනසකට හේතුයි නව නිවාස ලාභ ලබයි.
උඳුරා බාධ මූල රෝග භගන්දර වැනි බඩවැල් ආශ්‍රිත රෝග ඇති වෙයි. හමේ රෝග කුෂ්ඨ රෝග ලේ දුෂිත රෝග මතු කරයි වසරේ පවතින බාධා ඉවත් වීම සඳහා ශ්‍රමණ බමුණන් ගරු කිරීම දාන මානාදී කුශල කර්ම වල යෙදීම ස්කන්ද කුමාර දෙවිඳුට පූජා පවත්වා සෙන් ලබා ගැනීම මැනවි.
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේඛා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරාණි හපුආරච්චි

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්