ලග්නාධිපති කාලස්ථාන ගත වීම ශුභඵල දීමකි. නරමක් තමන් ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ සතුරන් දමනය වෙයි.
රැකි රක්ෂාවෙන් දියුණුව ද ප්‍රසිද්ධියද ලබයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජයයි. නම අභිමතකරුණු ජය ගනී. තැන්පත් ධනය වර්ධනය වන වසරකි. නරමක් උත්සව සාද නිතර යෙදේ
ගෘහ ජිවිතය ශුභයි. අඹු සැමියන් අතර පැවති බාධා ඉවත් වෙයි. නව නිර්මාණ කරණයට ශුභයි. විද්වතුන් ගුණවතුන් ඇසුරට පන් වෙයි. හදිසි ධන ලාභ ලබයි. විවාහ යෝග ගෙන දෙන වසරකි. යාන වාහන ලාභ ලබයි. විදෙස් ගමන් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. නොයෙක් නොයෙක් දේ ඉගෙනීමට අවස්ථා සැලසේ නම අරමුණු ජය ගනී. සතුරන් දමනය වෙයි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. ඉවසීමෙන් තීරණ ගතයුතු අතර න්‍යාගශීලී ගනි පිහිටයි. තමා නමින් නව ව්‍යාපාර ඇරඹීමට ද මෙම වසර ශුභයි.
දෙමාපියන්ට ගරුකරන අතර දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවන සැලසුම් ක්‍රියා කරයි. අන් අයගෙන් උදව් උපකාර ද ලබන වසරකි. නරමක් වෙහෙසව ක්‍රියා කිරීමට ද සිදු වේ. භූමි ලාභද දෙන අතර භූමිය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි
තරමක් සෙම් බහුල රෝග, කුෂ්ඨ විෂර්ෂ ආදිය සෑදේ බඩවැල් ආශ්‍රිත රෝග, බහන්දර මූල රෝග මතු කරයි කෑමෙන් වීමෙන් ප්‍රවේශම මැනවි.
දශාඵල අනුව පැවති බාධක ඉවන් කර ගැනීම සඳහා දාන ශීල ආදි ගුණ දහම් වලට යොමු වීම, අසරණ වුවන් වෙනුවෙන් උදව් කිරීම, ශ්‍රී මහා විෂ්ණු දෙවිඳුට පිංදි පුද පූජා පවත්වා සරණ ලැබීම.
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේඛා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරාණි හපුආරච්චි

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්