ලග්නාධිපති වැයස්ථාන ගත මෙම වසර ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. ජීවිතයේ වෙනසකට හේතුයි.
තනතුරු ලාභ ලබන රැකියා ස්ථානයෙහි පැවති සතුරු බාධා ඉවත් වෙයි. නම තත්ත්වයේ උසස් වීම් ලබයි. තැන්පත් ධනය වර්ධනය කරයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජය දෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර සුහදතා වර්ධනය සිදු වෙයි. ඉඩ කඩම් නිවාස ලාභ ලැබීම් ඇති වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නමුත් බාහිර අලංකාරයට රැවටීම ශුභ නොවේ. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන් අරමුණු ජය ගනී. පෙනෙන මෙන් නොපෙනෙන්නෙ සතුරු බලපෑම් මත සිත් චංචල වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභදායක වසරකි. තම අරමුණු ජයගනී. තුරඟ තරග ජය ලබයි. අන් අයගෙන් උදව් උපකාර ලබයි. සෞන්දර්ය කලාවන්හි නියැළෙන අයට ජනප්රසාදය ලබයි. තම නිර්මාණ ඇරඹීමට ශුභයි.
ආගමික වතාවන් ගරු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික පුද පූජාවන්හි ගරු කරයි. උත්සව සාද වැනි දේවල් වලද යෙදේ. අලංකාරය සඳහා වැය පස ඉහළ යයි.
සිරස් ගත රෝග නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. සෙම් රෝග පෙනහලු රෝග ඇඳුම හනිය වැනි රෝග මතු කරයි. ජලයෙන් ප්‍රවේශම මැනවි.
පවතින බාධා පීඩා ජය ගැනීමට ආගමික වනාවන් වල ඉඩ ලන් හැමවිට නිරත වීම සහ දාන මානාදි ක්‍රියාකාරකම් වල යෙදීම, සුරතල් සතුන් නිදහස් කර ගැනීම. සමන් දෙවිඳු ඉන්ද්‍ර දෙවිඳු උදෙසා පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම මැනවි.
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේඛා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරාණි හපුආරච්චි

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්