මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 1,000කට ආසන්න පිරිසකට දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
කාර්යාංශ වාර්තා අනුව පිරිමි පුද්ගලයන් 923 දෙනෙකුට සහ කාන්තාවන් 76 දෙනෙකුට මෙලෙස රැකියා හිමිවී තිබේ. දකුණු කොරියාවේ නිෂ්පාදන, ධීවර, සේවා මෙන්ම ඉදිකිරීම් යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ මෙම අවස්ථාවන් හිමිව ඇත.
නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ 926 වැනි කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයන් 90 දෙනෙකු ඊයේ (12) UL 470 ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ. ඔවුන් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම සහ අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන කාර්යාංශයේදී පවත්වනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ, ලෝක රැකියා වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට ඇති ඉල්ලුම රඳා පවතින්නේ තරුණ තරුණියන්ගේ කාර්යක්ෂමතාව සහ දක්ශතාව මත බවයි. දැනට රැකියා සඳහා පිටත්ව යන පිරිස සේවය කරන ආකාරය අනුව මීළඟ පරම්පරාවේ දහස් ගණනකගේ රැකියා අවස්ථා තීරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘත කෙරේ
ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට
අඩු පීඩන තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
ශානි අබේසේකරට උසස්වීමක් දෙන්න නිර්දේශයක්
ඝාතනය කර පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි
රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට