මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 58ක් වන ඒ මහතාව අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්