2026 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (15) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන් සඳහා ද ඊට අදාළ විශේෂ උපදෙස් මාලාවක් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවය.
2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි 23වැනිදා දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව ඉකුත් ජූලි 3වැනිදා නිවේදනය මගින් දැනුම් දෙනු ලැබීය.
එම නිවේදනයට අනුව අයදුම්පත් කැඳවන දින වනවිටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයදුම්කරුවන් සඳහා විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇත.
ඊට අනුව ජාතික හැඳුනුම්පත් නොමැති පෞද්ගලික අයදුම්කරුවන් සඳහා තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
ඒ අනුව මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබා ගෙන නොමැති අයදුම්කරුවන්හට නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම බාධාවක් නොවන බව දන්වා සිටී.
එබැවින් සියලුම අයදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026.07.23 දිනට පෙර විභාගය සඳහා අයදුම් කරන ලෙසත්, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් පවසයි.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 දරන ක්ෂණික දුරකථන අංකයෙන් මෙන්ම 0112-784537, 0112-786616, 0112-784208 යන අංකවලින් හා 0112-784422 දරන ෆැක්ස් අංකයෙන් විමසිය හැකිය.

ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන