පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත්ව නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට මසකට දින 06ක් වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට හෝ වැටුප් රහිත නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තිය සංශෝධනය කරමින් නිකුත් කළ 2021 ජූනි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2021 තවදුරටත් සංශෝධනය කර නව විධිවිධාන ඇතුළත් කර ඇත.
2026 ජූනි 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම සංශෝධනය සිදුකර ඇති අතර, ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයට 2:3:4:1 නව උප වගන්තියක් ඇතුළත් කර තිබේ.
එම නව විධිවිධානය අනුව, පළාත් පාලන ආයතනයක නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන නිලධාරියෙකුට පෙර පැවති පරිදි වැටුප් සහිත දින හයක නිවාඩුව ලබා ගැනීමට හෝ තම අභිමතය අනුව එම ධුර කාලය තුළ වැටුප් රහිත නිවාඩුවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම සංශෝධනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන