මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යසෝදරා විද්‍යාලය අතර පැවැති එක්දින කාන්තා ක්‍රිකට් තරගය උණුසුම් තත්ත්වයක් මධ්‍යයේ අවසන් වී තිබෙනවා.
මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමරි විද්‍යාලය පන්දුවාර 34යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 131ක් රැස් කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 132ක ඉලක්කයක් හඹා ගිය යසෝදරා විද්‍යාලයට පන්දුවාර 35යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි.
ඒ අනුව ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සමත් වුණා.
කෙසේ වෙතත්, තරගයෙන් අනතුරුව පැවැති සමාප්ති උත්සවයේදී යසෝදරා විද්‍යාලයේ විදුහල්පතිනිය තරගයේදී අසාධාරණකම් සිදුවූ බවට පවසමින්, තම පාසල සහභාගී වන අවසන් “රැජිනියන්ගේ සටන” මෙය බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.
අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අනුශූරතාව හිමිවූ යසෝදරා විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් එම සම්මානය ලබාගැනීමට නායිකාව වේදිකාවට පැමිණ තිබුණද, විදුහල්පතිනියගේ උපදෙස් මත එය භාර නොගෙන වේදිකාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව තරඟ ජයග්‍රහණයට වඩා වැඩි අවධානයක් දිනාගත්තේ තරගයෙන් පසු ඇති වූ මෙම සිදුවීමයි.

මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
අදත් වැසි වැටෙන ප්‍රදේශ
ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයෙක්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන
කොලොම්බියාවට දැවැන්ත භූමිකම්පාවක්! 20 කට වැඩි පිරිසක් මරුට!
ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන්
මාසයකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට
මාළිගාවත්තේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට! සැකය කුඩු අංජු දෙසට!
සාගර කාරියවසම්ට ඇප හිමිවෙයි! අධිකරණයෙන් පැන වූ කොන්දේසි මෙන්න!
ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට තවත් පැමිණිල්ලක්
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්