කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේ අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මෙම වෙඩි තැබීමෙන් 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.
කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් අද දහවල් 1.20ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කංජිපානි ඉම්රාන්” නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය සැක පළ කරන්නේ, “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටය.
වෙඩි තැබීම සිදුකරන ආකාරය යාබද ගොඩනැගිල්ලක CCTV කැමරාවකද සටහන්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(source – ada derana)

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට