Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාගර කාරියවසම්ට ඇප හිමිවෙයි! අධිකරණයෙන් පැන වූ කොන්දේසි මෙන්න!

15 minutes ago

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙහි නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30ට අවසන් වීමෙන් අනතුරුව, ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල්තබනු ලැබීය.

ඒ අනුව පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් ද සාගර කාරියවසම් මහතාට පනවනු ලැබීය.

ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මහතාව මුදාහැරීමට අධිකරණය නියෝගය කළේය.

පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේ පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *