අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙහි නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30ට අවසන් වීමෙන් අනතුරුව, ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල්තබනු ලැබීය.
ඒ අනුව පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.
එහිදි මහේස්ත්‍රාත්වරයා රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් ද සාගර කාරියවසම් මහතාට පනවනු ලැබීය.
ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මහතාව මුදාහැරීමට අධිකරණය නියෝගය කළේය.
පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේ පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට