ඊයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් දෙමාපියන් පිරිසක් කිරිඳිවැල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කිරිඳිවැල බෝගහවත්ත ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අවස්ථාවේදී මෙම අසාධාරණය සිදුව ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.
ඔවුන් පවසන්නේ පෙරවරු 11.15ට ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය තම දරුවන්ට ලබාදී ඇත්තේ පෙරවරු 11.30ට බවයි.
එමෙන්ම, අදාළ ප්‍රශ්න පත්‍රය පස්වරු 12.15ට යළි එකතු කිරීම හේතුවෙන් තම දරුවන්ට විභාගය සඳහා නියමිත කාලයෙන් පැය භාගයකට ආසන්න කාලයක් අහිමි වූ බවද දෙමාපියෝ පවසති.
මේ හේතුවෙන් තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසන දෙමාපියන් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති.
මේ අතර, ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඇති නමුත්, එහිදී කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඔවුහු සඳහන් කළහ.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට