2019 වසරේදී රාගම පොලිස් වසමේ වල්පොළ ප්රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
මීගමුව මහාධිකරණය විසින් අදාළ චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇති අතර, ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩුවිධාන සංග්රහයේ ප්රතිපාදන අනුව නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසියට අවශ්යව සිටින චූදිතයා රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ ලිපිනය ලෙස අංක 35/1, උග්ගහේන, වල්පොළ, රාගම යන ලිපිනය සඳහන් වේ.
අදාළ චූදිතයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 1604 දුරකථන අංකයෙන් හෝ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට 071 962 7561 දුරකථන අංකයෙන් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්