ඉන්දුනීසියාවේ අද (15) අලුයම හටගත් රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් මිය ගිය පිරිස තවත් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ අනුව භූකම්පනයෙන් මේ දක්වා පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඉන්දුනීසියානු මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවය.
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබීය.
භූකම්පන තත්ත්වයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබූ අතර ඒ අනුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් පසුව එම සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමටද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය කටයුතු කර තිබේ.
ඉන්දුනීසියාවට බලපෑ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම් අනුව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
එහි සඳහන් ඇත්තේ භූකම්පනයෙන් රටට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණද මෙරටට එම තත්ත්වයේ බලපෑමක් නොමැති බවය.
ඒ අනුව මෙරටට එහි අවදානමක් නොමැති සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මේ අනුව මෙරට මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද සඳහන් කළේය.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ගංජා හේනකින් අල්ලස් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
අද වැසි වැටෙන ප්‍රදේශ
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට
ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්
අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
ජනතා මුදල් ගසාකන නවතම ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි