බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං අපේක්ෂා කෙරේ.
මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලෙසට ද ඔවුන් ඉල්ලීමක් සිදු කරයි.
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5)ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ගංජා හේනකින් අල්ලස් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
අද වැසි වැටෙන ප්‍රදේශ
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට
ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්
අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
ජනතා මුදල් ගසාකන නවතම ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි