සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු ගොනු දෙකක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමග, එම අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාරව කටයුතු කළ නිලධාරියා විදේශගත වී ඇති බව පොලිසිය පවසයි.
අදාළ නඩු ගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගිය සැප්තැම්බර් 1වැනිදා පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඊට පසුදින (සැප්තැම්බර් 02) අදාළ නිලධාරියා තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
අතුරුදන්ව ඇත්තේ පානදුර උතුරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණ නිලධාරිනියන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!