Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා

16 minutes ago

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ ගිවිසුම් දෙක වසර 05ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අත්සන් කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික ශ්‍රම සංක්‍රමණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙමගින් තායිලන්තයට ශ්‍රමිකයන් යැවීම සහ බඳවා ගැනීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ව්‍යුහගත ක්‍රමවේදයක් ස්ථාපිත වන අතර, තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය, ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම ද මින් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *