Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

38 minutes ago

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඊට මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් සහ මෙරට වෙසෙන ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

සන්තෝෂා ජා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

“මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරයයි. එම නිසා මෙම සංචාරය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. මෑත වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දක්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික හුවමාරු අතරට මෙම සංචාරය තවත් පරිච්ඡේදයක් එක් කරනවා. මෙම සංචාරයන් අපගේ සබඳතාවයට නව ජවයක් සහ ශක්තියක් ලබා දී ඇති බව කිව යුතුයි. එය අප අතර සබඳතා ඉතා ඉහළ තලයකට ඔසවා තිබෙනවා. ”

රාජ්නාත් සිං – ඉන්දීය ආරක්ෂක අමාත්‍ය

“ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහය වීමට ඉන්දියාව සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතාව ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයනවා. ඉන්දු – ශ්‍රී ලංකා ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඉන්දීය ඩයස්පෝරාව ඉටුකරන කාර්යභාරය වැදගත්. ඔවුන් දෙරට අතර පාලමක් තනන පිරිසක් ලෙසයි මා දකින්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *