Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්

20 minutes ago

මෙම වසර තුළ අධිවේගී මාර්ග කිහිපයකම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

ඒ අනුව, මෙවසරේ නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු ද මේ වසර අගදී ආරම්භ කෙරේ.

මීට අමතරව කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ සැලසුම් සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර, අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතියක් පිළිබඳවද අධ්‍යයනය කිරීමට යෝජනා වී ඇත.

දැනට ඉදිවෙමින් පවතින කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ග කොටසේ වැඩකටයුතු 2028 මැයි මාසය වනවිටත්, පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ (2027) අප්‍රේල් මාසය වනවිටත් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *