නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීමේදී විකිණීමට ඉතිරිව තිබූ හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු කොළඹ ගල්කිස්ස ප්‍රදේශයෙන් එක් වරකදී හෂීස් ග්‍රෑම් 10ක් රුපියල් 12,000කට ලබාගෙන, කුඩා පැකට් 80කට සකස් කර එක් පැකට්ටුවක් රුපියල් 1,000 බැගින් අලෙවි කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
සැකකරු සහ ඔහුගේ පෙම්වතිය විසින් පවත්වාගෙන ගිය මෙම ආපනශාලාව තුළදීම මත්ද්‍රව්‍ය පානය කිරීමට ද පහසුකම් සලසා දී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පවත්වන බව නාවලපිටිය පොලීසිය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු