Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

28 minutes ago

දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) පෙ.ව. 10.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද ප.ව. 11.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතී.

මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *