Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධි‍යේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්

44 minutes ago

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්  වූ පුෂ්පීකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම නඩුකරය අද (14) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චූලා පත්මේන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඇපකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාර චූලා පත්මේන්ද්‍ර මේ වන විට මිය ගොස්  තිබෙන බවත් ඇයගේ මරණ සහතිකය මෙතෙක් ලැබී නොමැති බවත් පැවසීය.

ඇයගේ මරණය පිළිබඳව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට ඇපකාරිය විසින් තමන්ට දැනුම් දී තිබෙන බවත් නීතිඥවරයා පැවසීය.
 
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

ඒ අනුව විත්තිකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පැවසීය.

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්  වූ පුෂ්පීකාද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම පැමිණිල්ලේ විත්තිකාරියන් ලෙස හිටපු ලෝක විවාහක රූ රැජිණ ලෙස නම් දැරූ කැරොලයින් ජූරි සහ මෝස්තර නිරූපිකාවක වන මේ වනවිට මියගොස් සිටින චූලා පද්මේන්ද්‍ර යන අය නම් කර තිබුණි.

අවසන් මහා තරගය පැවැති අවස්ථාවේදී වේදිකාවට ගොඩ වී ජයග්‍රාහිකාවගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහරදීම ඇතුළු චෝදනා මෙම නඩුකරය තුළින් විත්තිකාරියන්ට එරෙහිව එල්ල කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *