Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්

41 minutes ago

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලදී හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සලකා බැලීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් එම මඩුල්ල සමන්විතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කර තිබුණා.

ඒ අනුව 2024 අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කර තිබෙනවා.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පසුගිය ජූලි මාසයේ පැවති විරෝධතාව අතරතුර අදාළ පුද්ගලයන් සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *