මෙවර අය වැය යෝජනාව තුළින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අවශ්ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් ප්රකාශ කලේ, ඊයේ(11) නිකවැරටිය ප්රදේශයේ පැවති ‘අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුභයි’ ජන රැළිය අමතමින්.
පළාත් මට්ටමින් ස්ථාපිත කරනු ලබන මෙම කොමිෂන් සභා ශාඛා සඳහා නිලධාරීන් 900කට වැඩි පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
හොරකම, නාස්තිය නතර කිරීම සහ වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් ලබා දීම වත්මන් රජයේ ප්රධානතම අරමුණක් වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල ලෙස මේ වංචනිකයන් දූෂිතයන් පස්සෙන් පන්නනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තියන්නේ දැන් කොළඹ විතරයි. අපි දැන් අය වැය ලේඛනයෙන් සල්ලි පාස් කරනවා. කොළඹ විතරක් නෙවෙයි හැම පළාතකම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුනවා. නිලධාරීන් 900කට වැඩි ප්රමාණයක් අපි බදවාගන්න කටයුතු කරනවා….”

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි