Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි

27 minutes ago

පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් වාර්තා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළ අතර, කමින්දු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් (පන්දු 27) සහ සිනෙත් ජයවර්ධන ලකුණු 38ක් (පන්දු 26) ලබා ගනිමින් අනගි සහයක් ලබා දුන්හ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 168ක් රැස් කළ අතර (නායක සහිබ්සාදා ෆර්හාන් ලකුණු 76යි), පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් ද, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින්ද බිඳහෙළූහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *