Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!

3 minutes ago

සෞදි අරාබියේදී අනෝජන් සිවරාසා නමැත්තාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.

ඊයේ (13) දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

සෞදි අරාබි රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සහ නීති කණ්ඩායම් දැක්වූ කැපවීම විශේෂයෙන් අගය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *