ශ්රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගයේ ප්රතිඵල අද නිකුත් කෙරෙන බවත් ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූවන් ද ප්රකාශයට පත් කෙරෙන බවත් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව, අධ්යාපන අමාත්යංශයේ නිල වෙබ් පිටුව ඔස්සේ ප්රතිඵල ලබාගත හැකි බවත්, පවතින තත්ත්වය හමුවේ ප්රතිඵල ලබාගැනීම සඳහා යම් කාලයක් ගතවිය හැකි වුවද අද දවස තුළ දී සම්පූර්ණ ප්රතිඵල නිකුත් කෙරෙනු ඇති බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.
අනුමත ගුරු පුරප්පාඩු 23,000 සම්පූර්ණ කිරීම සඳහා පළමු අදියර යටතේ අපේක්ෂකයන් 17,000ක් පමණ පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය මැයි මාසයේදී (24) දිවයින පුරා විභාග මධ්යස්ථාන 1048 දී පැවැත්විණ.
මෙම විභාගය සඳහා රාජ්ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991 ක් ද, අනෙකුත් අයදුම්කරුවන් 96,442 ක් ද අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර විශේෂ අවශ්යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකු සඳහා ද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබිණි.
2023 වර්ෂයේදී, ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කරන ලදී.
සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරු ව, දිවයින පුරා පවතින සමස්ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන් ම අනෙකුත් උපාධිධාරීන්ට ද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පැවැත්වීම විශේෂත්වයකි.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි