Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්

8 hours ago

LOLC සමූහය සහ මහජන බැංකුව අතර සිදුවූ ණය පහසුකමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී (LOLC Holdings PLC) සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ දේශීය ණය පහසුකම ලබාගෙන ඇත්තේ මහජන බැංකුවේම පවත්වාගෙන යනු ලබන ඇමරිකානු ඩොලර් තැන්පතුවක් ඇපකරයක් (Full Collateral) ලෙස තබමින් බවත්, එය ලොව පුරා බහුජාතික සමාගම් භාවිත කරන සාමාන්‍ය භාණ්ඩාගාර සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් (Treasury & FX Management Practice) බවත් LOLC අවධාරණය කරයි.

මෙම ගනුදෙනුව මහජන තැන්පතු අවදානමේ හෙළන ඇප රහිත නිරාවරණයක්, විදේශ විනිමය සමපේක්ෂණයක් හෝ මහජන මුදල් අවභාවිතයක් බවට කෙරෙන චෝදනා පදනම් විරහිත බව සමාගම පෙන්වා දෙයි.

මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, අසත්‍ය තොරතුරු නිර්මාණය කළ සහ ප්‍රචාරය කළ පුද්ගලයින්ට හා සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද LOLC සමාගම තීරණය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *