Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රංශ තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා පිට හිමිනමක් අත්අඩංගුවට

14 hours ago

භාවනා කිරීමේ අරමුණින් තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි 32 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියකට, එහි වැඩසිටි හිමිනමක විසින් පාළු ගොඩනැගිල්ලක් තුළදී ලිංගික අතවර කිරීමට තැත් කළ බවට තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

තමන්ගේ සිවුර සකස් කර ගැනීමට යාමේදී අහම්බෙන් ඇයගේ ශරීරයේ ස්පර්ශ වූවා මිස කිසිදු අතවරයක් සිදු නොකළ බව අදාළ භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කර ඇත.

පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස තමන්ට බලපෑම් එල්ල වූ බවට ද අදාළ විදේශික යුවළ චෝදනා කර තිබේ.

තංගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇති අතර, නඩුව ලබන වසරේ (2027) පෙබරවාරි 02 වනදා නැවත කැඳවීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *