බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන පාගමනට ආධාර කළ අයෙකුට පහර දුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමි සමාජ මාධ්ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
අද (14) යක්කල, වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී මෙම සිදුවීම වී ඇත්තේ පෞද්ගලික අවශ්යතාවයකට ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර ඇති වූ රථවාහන තදබදයක් මුල් කරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් බව පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පාගමනට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බව තහවුරු වී ඇති බවත්, මහජන නොසන්සුන්තාවයක් ඇති වන පරිදි මෙලෙස අසත්ය තොරතුරු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලිසිය නිකුත්කළ කරුණු පැහැදිලි කිරීමේ වැඩිදුරටත් දැක්වේ.
පොලීසිය නිකුත්කළ කරුණු පැහැදිලි කිරීම- සම්පූර්ණ විස්තරය
සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම 2026.10.14 වන අද දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති අතර, වීඩියෝවේ සිටින පහරකෑමට ලක් වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්රතිකාර ලබමින් සිටී.
වීරගුල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්රකාශ ලබාගෙන ඇති අතර, ඒ අනුව වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත්, එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් ප්රකාශ කර ඇත.
මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්රකාශ කර ඇති අතර, පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබයි.
මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමග පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්ය වෙත අසත්ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.
සමාජ මාධ්යයේ සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්රියාමාර්ග ගැනීම සඳහා ක්රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.
මෙවැනි ආකාරයට අසත්ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වීරගුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි