සමාජ මාධ්ය ජාලා ඔස්සේ අසත්ය සහ තහවුරු නොකළ කරුණු ප්රචාරය කරමින් මහජනතාව නොමග යවන සහ සමාජ නොසන්සුන්තාව ඇති කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලීසිය අවධාරණය කරයි.
ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්ය අවභාවිත කරමින් මහජන කැළඹීම්, භීතිය සහ නොමග යවන සුලු ප්රකාශ පතුරුවන බව නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
Facebook හරහා අසත්ය සහ කඩාකප්පල්කාරී තොරතුරු පළ කළ සැකකරුවෙකු නිකවැරටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
තහවුරු නොකළ අසත්ය තොරතුරු සමාජ මාධ්යවල හුවමාරු කරගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලීසිය, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ වැරදිකරුවන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි
සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වෙයි