Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි

8 hours ago

ඉන්දීය කණ්ඩායම පරාජය කර ඊයේ (14) හයිද්‍රබාද්හිදී පැවති සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් ලැබීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත්විය.

මෙම ජයත් සමග තරග 5කින් සමන්විත තරගාවලිය, තරග 2-2ක් ලෙස සම කිරීමට කොදෙව් කණ්ඩායමට හැකිවිය.  

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් නායක ෂායි හෝප්ගේ විශිෂ්ට ශතකය (නොදැවී 102) හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 247ක දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් (56/23), තිලක් වර්මා (43/25) සහ නිතිෂ් කුමාර් (41/20) දක්ෂ පිතිකරණයේ යෙදුනද, කීමෝ පෝල්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ (5/41) ඔවුන්ට ඉන්දීය ඉනිම ජයග්‍රාහී ඉලක්කයක් කරා රැගෙන යාමට නොහැකි වූහ.

තරගයේ වීරයා ලෙස කොදෙව් නායක ෂායි හෝප් සම්මාන දිනාගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *