Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි

3 hours ago

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැමිණ තිබේ.

එහිදී මහ සංඝරත්නය කියාසිටියේ, ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසය.

ඒ සඳහා කොපමණ කාලයක් යනවාදැයි ප්‍රකාශ කරන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කියාසිටියේ, මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දිය නොහැකි බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *