Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී

4 hours ago

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ප්‍රචාරය කරමින් මහජනතාව නොමග යවන සහ සමාජ නොසන්සුන්තාව ඇති කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි.

ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය අවභාවිත කරමින් මහජන කැළඹීම්, භීතිය සහ නොමග යවන සුලු ප්‍රකාශ පතුරුවන බව නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

Facebook හරහා අසත්‍ය සහ කඩාකප්පල්කාරී තොරතුරු පළ කළ සැකකරුවෙකු නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

තහවුරු නොකළ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු කරගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලීසිය, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිකරුවන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *