මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්ය පරිපාලන චක්රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල හිමිවනු ඇත.
ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 05 බැගින් වූ වන්දි මුදලක් සහ පූර්ණ ආබාධිත තත්ත්වටට පත් නිලධාරියෙකු සඳහා රුපියල් මිලියන 05ක මුදලක් මේ අනුව හිමිවනු ඇත.
එමෙන්ම අර්ධ ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්රතිශතය 100%ක් තත්ත්වයට පත් වූ නිලධාරියෙකුටම රුපියල් මිලියන 04ක වන්දි මුදලක් ගෙවීමට සහ තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 03ක වන්දි මුදලක්ද මෙම විශේෂිත වන්දි ගෙවීම් යටතේ හිමිවනු ඇත.
මේ අතර බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික තත්ත්වය ලබා දීමට හැකිවන පරිදි යෝග්ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මීට අමතරව ප්රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්යාවක් බන්ධනාගාර උපක්රමික බලකායට බඳවා ගැනීම තුළින් එය ශක්තිමත් කිරීම, බන්ධනාගාර උපක්රමික බලකාය සඳහා අදාළ ක්ෂේත්රයන්හී විධිමත් පුහුණුවක් ලබා දීම සහ අවශ්ය නවීන උපකරණ එම බලකාය වෙත ලබා දීමටද මෙහිදී තීරණය වී ඇත.
තවද බන්ධනාගාර උපක්රමික බලකා මූලස්ථානය සුදුසු ස්ථානයක පිහිටුවීමට පියවර ගැනීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්
නාමල් රාජපක්ෂව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග
ජනපති අනුරට බ්රසීල ජනපති ලූලාගෙන් ප්රතිචාර
සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක්
සෞදියේ ශ්රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්රදේශ කිහිපයකට තද වැසි!
ශ්රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගය අද
‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්යයේදී අත්අඩංගුවට! ශ්රී ලංකාවට රැගෙන එයි!