Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි

1 minute ago

නාන කාමරයේ තිබූ වතුර බාල්දියකට වැටීමෙන් වයස අවුරුද්දක් වන පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, තන්නාමුනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙනිෆර් අග්නිව් විකාන් නමැති සිඟිත්තෙකි.

දරුවාගේ මව නාන කාමරයේ රෙදි සෝදා දොරකඩ වේලීමට දමමින් සිටින අතරතුර, නිදා සිටි දරුවා අවදි වී නාන කාමරය දෙසට යන අයුරු ඇය දැක ඇත.

ඒ අවස්ථාවේ දරුවා ස්නානය කරවීම සඳහා වෙනත් ඇඳුම් ලබාගැනීමට මව නිවස තුළට ගොස් තිබේ.

එම කෙටි කාලය තුළ, නාන කාමරයේ රෙදි සේදීමෙන් පසු ඉතිරිව තිබූ වතුර බාල්දියට දරුවා වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මව නැවත නාන කාමරයට පැමිණ බලන විට දරුවා හිස පහළට සිටින සේ බාල්දිය තුළ වැටී, හුස්ම නොගන්නා තත්ත්වයෙන් සිටි බව දැක තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දරුවාගේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *