Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!

47 minutes ago

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Ornab) ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය ගොඩබිමට ඇතුළු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි ඊින් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අඩු වී තිබේ.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 දක්වා විටින් විට තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *