Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥ සංගමය සිදුකළ ප්‍රකාශයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රතිචාර

44 minutes ago

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ තමන්ට උපලක්ෂණය කර ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

නීතිඥ සංගමය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මියගිය තරුණයාගේ සිරුරේ දැඩි පහරදීම්වල සලකුණු ඇති බව පවුලේ අය පවසද්දී, සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පටහැනි ප්‍රකාශයක් කර ඇති බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක් ද නීතිඥ සංගමය ඉල්ලා සිටියේය.

නීතිඥ සංගමය සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, නීතිඥ සංගමය විසින් මෙලෙස අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව තමන් කනගාටුවට පත්වන බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *